ගිනිගත්හේනේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නුවරඑළියේ සිට කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඔයට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එහි සිටි දෙදෙනෙක් තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට අද (27) ඇතුළත් කර ඇති බවයි.
මෙම අනතුර හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය බ්ලැක්ෆූල් මංසන්ධිය ආසන්නයේදී සිදු වී තිබෙනවා.
ධාවනය වෙමින් තිබූ ජීප් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ඇති ජීප් රථය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි කොන්ක්‍රීට් සැතපුම් කණු කිහිපයක් කඩාගෙන අඩි 20ක් පමණ ප්‍රපාතයක් වූ නානුඔයට වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)