21 January 2025


ජොන්ස්ටන්ගේ සතොස නඩුව කල්යයි



හිටපු වෙළෙඳ අමාත්‍යවරයෙක් වූ ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙක්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජුනි මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (21) නියම කළා.

ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.  

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙක්ට නඩු පවරා තිබෙනවා.

(colombotimes.lk)