10 May 2025


කලා වැවේ ජල කාන්දුව රජයේ අවධානයට



කලා වැවේ පවතින ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍යය අමාත්‍ය සුසිල් රණසිංහ සහ කලාවැව භාර වාරි ඉංජිනේරු බුද්ධික නවරත්න අද (26) එහි ගොස් තිබෙනවා.

ඒ අනුව එම ජල කාන්දුව කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවට කරුණු ඉදිරිපත් වූ බවයි වාර්තා වන්නේ.

මෙරට විශාලතම වැවක් වන කලා වැව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති විශාල බිම් ප්‍රමාණයකට කලා වැව ජලය සපයනු ලබනවා.

 
(colombotimes.lk)