10 May 2025


පිරිමි මැරතන් ලෝක ශූරයා ජීවිතක්ෂයට



පිරිමි මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ජාතික කෙල්වින් කිප්ටම් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු මෙම අනතුරට ලක්ව ඇත්තේ, කෙන්යාවේ එල්ඩෝරෙට් නගරයට ආසන්න මාර්ගයක මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු සමග ඔහුගේ පුහුණුකරු රුවන්ඩා ජාතික ගර්වයිස් හකිසිමානා ද සිට ඇති බව සඳහන්.

එලියුඩ් කිප්චෝ, බර්ලින් මැරතන් තරගයේදී පිහිටුවා තිබූ ලෝක වාර්තාව කෙල්වින් කිප්ටම් විසින් බිඳ දමා තිබුණා.

ඒ, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සැතපුම් 26.1 ක් පැය දෙකයි තත්පර 35 කින් නිම කරමින්.
(colombotimes.lk)