පාර්ලිමේන්තුව මැතිවරණයක් පැවැත්වුවහොත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ බහුතරය වන 113ක් ලබා ගන්නා බවත් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා 51%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට බිය වී සිටින බැවින් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වූ බවත් සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම් බවත්ය.
(colombotimes.lk)