ඊයේ (14) Chennai Super Kings සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු 6ක පරාජයක් ලැබීමට Chennai Super Kings කණ්ඩායමට සිදු වුණා.
චිදම්බරම් පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය Chennai පිල ලබා ගත්තා.
ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.
Shivam Dube ලකුණ 48, Devon Conway ලකුණු 30ක් බැගින් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ Kolkata Knight Riders කණ්ඩායම පන්දුවාර 18 පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 147ක් ලබා ගනිමින් මෙම තරගයේ ජයග්රහණය ලබා ගත්තා.
Nitish Rana ලකුණු 57ක් සහ Rinku Singh ලකුණු 54ක් රැස් කළා.
(colombotimes.lk)