පුත්තලම දුම්රිය මාර්ගයේ සැතපුම් 83 දම්වැල් 55 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කුරුණෑගල - පුත්තලම මාර්ගයේ එම ප්‍රදේශය අද (07) සම්පූර්ණයෙන් වසා දැමීමට සිදු වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට (08) සහ අනිද්දා (09) යන දිනයන්වල අළුත්වැඩියා කටයුතු සිදු කරන කාලවලදී ද වරින්වර මෙම මාර්ගය වසා තැබීමට සිදුවන බවයි.
මේ හේතුවෙන් මෙම කාලසීමාවන් තුළ ඇති විය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට දැනුම්දී තිබෙනවා.
සම්පූර්ණ විස්තරය ඇතුළත් නිවේදනය පහතින්,
(colombotimes.lk)