ඇමරිකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව එහි ශ්‍රම බලකායෙන් අඩක් කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම ට්‍රම්ප් පරිපාලනය ෆෙඩරල් ආණ්ඩුවේ තනතුරු කප්පාදු කිරීමටද කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකායෙන් අඩක් පමණ කපා හැරීමට ඒ යටතේ සැලසුම් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එළඹෙන මාර්තු 21වනදා සිට 2,100කට ආසන්න පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට සැලසුම් කර තිබෙන බවයි.
කෙසේ වෙතත් ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට නම් කොන්ග්‍රස් මණ්ඩල අනුමැතිය අවශ්‍ය වී තිබෙනවා.
එමෙන්ම ඩොලර් බිලියන 238ක වාර්ෂික වැය බරක් ඇති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 4,000කට වඩා සේවය කරන බවයි වාර්තා වන්නේ.
1979 දී පිහිටුවන ලද එය රජයේ පාසල් සඳහා අරමුදල් අධීක්ෂණය ඇතුළු කටයුතු සිදු කරන බව එහි වැඩිදුරටත් සඳහන් වනවා.
(colombotimes.lk)