20 February 2026

logo

ලක්ෂ්මන් විජේමාන්න සජබ සරණ යයි



කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ අනුව ඔහු සමගි ජන බලවේගය සමඟ එක්වූ බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් නායකයන් පසුගියදා පත් කර තිබෙනවා.

එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කළුතර දිස්ත්‍රික් නායකත්වයට පත්කිරීම පිළිබඳව කළුතර ආසන සංවිධායක ලෙස පත් කළ ලක්ෂ්මන් විජේමාන්න සිය විරෝධය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)