15 March 2025


බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි



බටලන්ද කොමිෂන් සභා වාර්තාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

එම වාර්තාව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට සභාගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදු කරන බව එහිදී ඔහු කියා සිටියා.

මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා.
 
අමාත්‍යවරයා සඳහන් කළේ මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබෙන බවයි.
 
එමෙන්ම මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)