09 July 2025

logo

ගුවන්යානයක් හදිසියේම ගිනි ගනියි



Colorado Springs ගුවන්තොටුපොළේ සිට  Dallas Fort Worth දක්වා ගමන්ගත් ඇමරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737-800 ගුවන්යානයක් හදිසියේම ගිනිගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ Denver ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබැස්වීමේදී මෙම යානය ගිනි ගැනීමට ලක්වූ බවයි.

එහි කාර්ය මණ්ඩලය යානයේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව මෙම යානය ගොඩබස්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම යානයේ ගමන් ගත් මගීන් 178ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 06දෙනා ආරක්ෂිතව යානයෙන් ඉවත් කළ බවයි.

(colombotimes.lk)