13 March 2025


පුංචි ඡන්දය වෙනුවෙන් ලොහාන් රත්වත්තේ යළි පොහොට්ටුවට



2025 පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ලොහාන් රත්වත්තේ යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී තිබෙනවා.

ඔහු 2024 ජනාධිපතිවරණයේදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වුණා.

කෙසේ වෙතත් පසුගියදා මහනුවරදී මාධ්‍ය අමතමින් ලොහාන් රත්වත්තේ කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය සඳහා තම පූර්ණ දායකත්වය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(crictimes.lk)