09 July 2025

logo

නේපල්ස්හී භූ කම්පනයක්



ඉතාලියේ නේපල්ස් නගරයේ ඊයේ (13) රාත්‍රියේ මැග්නිටියුඩ් 4.4ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ රාත්‍රියේ එකවරම ගොඩනැගිලි සෙලවීමට පටන්ගෙන ගොඩනැගිලිවල කොටස් බිමට පතිත වූ බවයි.
 
මේ හේතුවෙන් නේපල්ස්හී විදුලිය ද බිඳ වැටුණු අතර එහි වැසියන් තම වාහන තුළ රාත්‍රිය ගත කර තිබෙනවා.

එමෙන්ම සම්පූර්ණයෙන් කඩා වැටුණු නිවසක සුන්බුන් අතර සිටි කාන්තාවක් බේරාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)