14 March 2025


රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් රෝහලට



ගාල්ලේ සිට බෙන්තර බලා ගමන් කරමින් තිබූ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ අම්බලන්ගොඩ මාදම්පාගම ප්‍රදේශයේදීයි.   

මෙම අනතුරෙන් පුද්ගලයන් තුන් දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුවී ඇති බවට විශ්වාස කරන බවයි.

ආසන පටි පැළඳ සිටීම හේතුවෙන් ඉදිරිපස ආරක්ෂක වායු බැලුන් ක්‍රියාත්මක වීම නිසා රියදුරුගේ සහ ඉදිරිපස ගමන් ගත් පුද්ගලයාගේ ජීවිත බේරී තිබෙනවා.

තුවාල ලැබූවන් බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)