colombotimes.lk
සිංහල | English

17 May 2024

දේශීය කිරි නිෂ්පාදනයටත් VAT වදී



දේශීය කිරි නිෂ්පාදනය සඳහා පැනවූ 18% (VAT) බද්ද පිළිබඳව නැවත සළකා බලන ලෙස කිරි නිෂ්පාදකයන් කළ ඉල්ලීම රජයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

VAT බද්ද රජයේ ප්‍රතිපත්තියක් වන බැවින් කිරි නිෂ්පාදනය සඳහා කිසිදු VAT බදු නිදහස් කිරීමක් සිදු කළ නොහැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ධර්මා වන්නිනායක කියා සිටියේ.

මෙම ඉහළ දැමූ බදු පදනම හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍ය දැඩි අවදානමකට ලක් වන බවත් මන්දපෝෂණ ගැටලු මතු වීම ඉහළ අගයක් ගන්නා බවත් ඔවුන් සඳහන් කළා.
(colombotimes.lk)