28 November 2024


දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කරයි



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංවිධානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 03ක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ⁠උඩපලාත, ⁠දෙල්තොට, ⁠ග​ඟ වට කෝරළය, ⁠පාතහේවාහැට, හාරිස්පත්තුව, ⁠පාතදුම්බර, ⁠යටිනුවර, ⁠මැදදුම්බර, ⁠දොළුව, ⁠උඩුනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ග​ඟ කෝරළය, ⁠රත්තොට, ⁠උකුවෙල, ⁠විල්ගමුව, ⁠නාඋල, ⁠යටවත්ත, ⁠පල්ලේපොල, ⁠ලග්ගල පල්ලේගම, ⁠මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහාද නායයෑමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)