සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය පළමු දිනය සඳහා මේ වන විට නතර කර තිබෙනවා.
තරගයට වර්ෂාවෙන් බධා එල්ල වීම හේතුවෙන් අද (27) දිනයේදී ක්රියාත්මක කිරීමට හැකි වුණේ පන්දුවාර 20යි පන්දු 4ක් පමණයි.
තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි දකුණු අප්රිකාව ලකුණු 80ක් රැස්කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඉන් අනතුරුව අඛණ්ඩව වර්ෂාව ඇදහැලීම හේතුවෙන් විනිසුරුවරුන් තීරණය කළේ පළමු දිනය සඳහා තරගය නතර කිරීමටයි.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 2ක් විශ්ව ප්රනාන්දු සහ අසිත ප්රනාන්දු එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.
(colombotimes.lk)