26 July 2025

logo

ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක් ඇතිවීමේ අවදානමක්



නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඉදිරි පැය 36දී දිවයිනේ උතුර, උතුරු මැද, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

(colombotimes.lk)