ගැඹුරු මුහුද ආශ්‍රිතව ධීවර කටයුතුවල නිරත වන බහුදින යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ බටහිර, මධ්‍යම, බෙංගාල බොක්ක ආශ්රිත ප්‍රදේශයේ සහ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය පැ.කි.මී 55-60 පමණ වන බවයි.
එම හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.
එමෙන්ම තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
(colombotimes.lk)