නීතියේ ආධිපත්‍ය සහ ගෞරවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති හා වැඩසටහන් අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු විසින් ලිඛිතව අදාළ ඉල්ලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට තුළ නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කිරීමේදී ක්ෂණික අවධානය යොමු කළ යුතු වැදගත් ක්ෂේත්‍ර තුනක් සම්බන්ධයෙන් එහි කරුණු දක්වා තිබෙනවා.
මානව හිමිකම් කොමිසම සඳහන් කළේ මහාධිකරණවල පවතින බරපතළ ගණයේ අපරාධ නඩු දෛනිකව විභාගයට ගැනීම, අල්ලස හා දූෂණ පාලනය කිරීමට නීති හඳුන්වාදීම, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම එම කරුණු අතරට අයත් බවයි.
(colombotimes.lk)