01 July 2025

logo

විපක්ෂ නායක කොරියානු තානාපතිනිය හමුවෙයි



කොරියා ජනරජයේ මෙරට තානාපති මියොන් ලී සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් ඊයේ (22) පවත්වා තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව හා කොරියාව අතර දීර්ඝ කාලයක සිට පවතින සබඳතා නොවෙනස්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ස්තූතිය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම සබඳතා ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසත් මෙරට තරුණ තරුණියන්ට කොරියාවේ ලබාදෙන රැකියා කෝටා සංඛ්‍යාව වැඩි කරන ලෙසත් එහිදී ඔහු ඉල්ලා සිටියා.

(colombotimes.lk)