07 January 2026

logo

කලකට පසු සිංහයන් ශ්‍රේණිගත කිරීම්වල 05 වන තැනට



ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ 05 වන ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති 03 වන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 36ක් සහ 42.86%ක ලකුණු ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.

මෙතෙක් එහි 05 වන ස්ථානයේ රැඳී සිටි එංගලන්ත කණ්ඩායම 06 වන ස්ථානය දක්වාත් 06වන ස්ථානයේ රැඳී සිටි දකුණු අප්‍රිකා කණ්ඩායම 07 වන ස්ථානය දක්වාත් පසුබැස තිබෙනවා.  



(colombotimes.lk)