ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 83.91 දක්වා පහළ ගොස් තිබෙන බවයි.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.89 දක්වා පහළ ගොස් තිබෙනවා.
(colombotimes.lk)
