15 June 2026

logo

ඇමරිකාවේ ගුවන් අනතුරකින් 12කට දිවි අහිමි වෙයි



ඇමරිකාව එක්සත් ජනපදයේ මිසෝරි ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ කැන්සාස් සිටිහි දකුණු දෙසින් පිහිටි බේට්ස් ප්‍රාන්තයේ බට්ලර් මෙමොරියල් ගුවන් තොටුපොළ ආසන්නයේදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ Skydiving ක්‍රීඩාව සඳහා පුද්ගලයින් රැගෙන යමින් තිබූ ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි. 

එම අනතුරින් මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

(colombotimes.lk)