පාසල් වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් අද (15) සිදු වී තිබෙනවා.
ඒ මහනුවර - යාපනය A-9 මාර්ගයේ කටුගස්තොට, කලුගල ප්‍රදේශයේදීයි.
අනතුරින් පාසල් සිසු සිසුවියන් 17දෙනෙක් සහ වෑන් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පෞද්ගලික බස් රථය මහනුවර දෙසටත් පාසැල් වෑන් රථය ප්‍රතිවිරුද්ධ දෙසටත් ගමන් කරමින් තිබූ බවයි.
එම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
(colombotimes.lk)
