යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙක්ගේ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ හොරණ මූනගම හන්දිය ප්‍රදේශයේදීයි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 73ක් වන පුද්ගලයෙක්.
පොලීසිය සඳහන් කළේ අදාළ අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)
