15 June 2026

logo

අවිධිමත් ලෙස මාර්ගයේ ගමන් කරන පදිකයන්ට දැඩි දඬුවම්



මහනුවර නගරයේ උමං මාර්ග භාවිතා නොකර අවිධිමත් ලෙස මාර්ගයේ ගමන් කරන පදිකයන්ට විරුද්ධව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. 

පොලීසිය සඳහන් කළේ මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ඉදිකර ඇති උමං මාර්ග භාවිත නොකර අනතුරුදායක ලෙස මාර්ග හරහා ගමන් කිරීම මේ වන විට මතුව ඇති බරපතළ ගැටලුවක් බවයි.

මෙලෙස නීතිවිරෝධී ලෙස මාර්ග හරහා ගමන් කරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.


(colombotimes.lk)