දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
ඒ අනුව මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය පස්වරු 5.40 සිට පස්වරු 7.10 දක්වා පැවති අතර ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79වන ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කර තිබෙනවා.
(colombotimes.lk)