09 May 2025


වාහන පර්මිට් ඉල්ලූ මන්ත්‍රීන්ගේ ගැටලුව මේ සතියේ ජනපතිට



තීරු බදු රහිත වාහන පර්මිට් ලබා දෙන ලෙසට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම මේ සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ඉදිරි මැතිවරණවලට පෙර වාහන බලපත්‍ර ලබා දෙන ලෙසට ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 116ක් තමන්ට සංදේශයක් භාර දුන් බවයි කථානායකවරයා පවසන්නේ.  

කෙසේ වෙතත් සමගි ජන බලවේගය, මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීමට විරෝධය පළ කරමින් පවසන්නේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක එලෙස වාහන ලබා ගැනීම සුදුසු නොවන බවයි.  

(colombotimes.lk)