කොළඹ සිට දවස පුරා අපේක්ෂකයින් ගැන කතා කරමින් කාලය කා දැමීම නවතා ගමට ගොස් ඡන්ද එකතු කර ගැනීම සඳහා කැපවී වැඩ කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ විසින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී තිබෙනවා.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සමඟ පසුගියදා පැවති රැස්වීමකින් අනතුරුව එම මන්ත්‍රීවරුන් පිරිස මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ හමු වී තිබෙනවා.
එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට මේ උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේදී කාටත් එකඟ විය හැකි පොදු තීරණයක් ගන්නා බවයි.
(colombotimes.lk)