08 December 2025

logo

ගල් ඔයෙහි ඉවුරු කැඩීයාමෙන් කුඹුරු අක්කර රැසක් විනාශ වෙයි



දිවයින පුරා පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් ගල් ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටී තිබෙනවා.   

ප්‍රදේශවාසීන් කියා සිටියේ දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 1000ක් පමණ ජලයෙන් යටවී තිබෙන බවයි.

එමෙන්ම අස්වැන්න නෙළීමට ආසන්නයේ තිබූ කුඹුරු මෙලෙස විනාශ වී ඇති බවද ඔවුන් කියා සිටියා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ නේනකාඩු ප්‍රදේශයේ ගල්ඔයේ ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණදීමට සිදු වී ඇති බවයි.

(colombotimes.lk)