26 December 2024


අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් රැසකට පීඩා



දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 4184ක පුද්ගලයන් 15,622ක් පීඩාවට පත් වී සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 5ක පුද්ගලයන් එලෙස පීඩාවට පත්වී ඇති බවයි.

ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ වන අතර එම අගය 7854ක් ලෙස දැක්වෙනවා.

මේ වන විට පීඩාවට පත්ව ඇති පුද්ගලයන් 399දෙනෙක් ආරක්ෂිත ස්ථාන 5ක රඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නිවාස 44කට අර්ධ හානි සිදුවී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

(colombotimes.lk)