ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අනුරාධපුර සංචාරය හේතුවෙන් අද (06) අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා වූ රෝහල් වටරවුම, හරිස්චන්ද්‍ර මාවත, පළාත් සභා වටරවුම, ඔරලෝසු කණුව වටරවුම සහ කුරුණෑගල හන්දිය දක්වා වූ මාර්ගයන් පෙරවරු 8.30 සිට විටින් විට වසා තබන බවයි.
එමෙන්ම ශ්‍රී මහා බෝධිය අසල සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා ගමන් ගන්නා මාර්ග සහ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ගුවන් හමුදා කඳවුර දක්වා ගමන් ගන්නා මාර්ගද අද පෙරවරු 11තෙක් විටින් විට වසා තබන බවයි වාර්තා වන්නේ.
මෙම මාර්ග වසා තැබෙන අවස්ථාවලදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවට සහ රියදුරන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
(colombotimes.lk)