16 January 2025


මෙරටට පැමිණි නැව් රැසක් ආපසු හැරීයයි



බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරී ගොස් ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඔරුගොඩවත්ත RCT අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය මේ වන විට බොහෝ දුරට විසඳී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(colombotimes.lk)