ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව්දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු වී තිබෙනවා.
ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවයකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වන බවයි.
එමෙන්ම ඉතා ඉක්මණින් මෙහි ප්රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමිවන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)