16 January 2025


ඉරණමඩු ජලාශයේ සියලු වාන් දොරටු විවෘත කරයි



උතුරු පළාතට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම විවෘත කර තිබෙනවා.

කිලිනොච්චි දිස්ත්‍රික් වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ එම ජලාශය පිටාර මට්ටමට පැමිණීමත් සමඟ ඊයේ (15) පස්වරුවේ සිට සියලු වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බවයි.

මේ අතර මල්වතු ඔය තන්තිරිමලේ ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් ඒ අවට පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)