16 January 2025


ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක්



ඊශ්‍රායලය හා හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමකට එළඹී තිබෙනවා.

ඒ අනුව දෙරටේ ප්‍රාණ ඇපකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමේ එකඟතාව මත මෙම තීරණයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

2023 වසරේ ඔක්තෝබර් මස 7 වනදා හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට පහර එල්ල කිරීම මෙම යුද්ධයේ ආරම්භය වූ අතර එම ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 1,200ක් පමණ මියගොස් තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයත් සමඟ ඊශ්‍රායලය ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ අතර ගතවූ මාස 15ක කාලය තුළ මේ දක්වා පලස්තීනුවන් 46,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

(colombotimes.lk)