16 January 2025


බහාලුම් රථ තදබදය තවදුරටත්



බහාලුම් රථ 1100ක් තවදුරටත් වරායේ සහ රේගුවේ සිරවී පවතින බව බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ මීට අමතරව සී. අයි. සී. ටී අංගනයේ ආනයනික භාණ්ඩ සහිත තවත් බහාලුම් 4000ක් පමණ පවතින බවයි.

ශ්‍රී ලංකා රේගුවට අයත් ඔරුගොඩවත්ත බහාලු‍ම් නිෂ්කාශන අංගනය ඉදිරිපිට මේ වන විටත් රියදුරන් දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

ඔවුන් සදහන් කළේ රේගුව පැවසූ පරිදි කඩිනමින් නිෂ්කාශන කටයුතු සිදු නොවන බවයි.

(colombotimes.lk)