මෙටා සමාගමේ සේවකයන් 3,600ක් සේවයෙන් ඉවත් කිරීමට මාර්ක් සකර්බර්ග් තීරණය කර තිබෙනවා.
මෙලෙස සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ Facebook, instergram සහ Whatsapp හිමිකාරීත්වය දරන මෙටා සමාගමේ අඩු කාර්ය සාධනයක් ඇති පිරිසයි.
එම පිරිස ඉවත් කිරීමෙන් පසුව ඒ වෙනුවට නව පිරිස් බඳවා ගැනීමටද මෙටා සමාගම සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම 2023 වසරේ සැප්තැම්බර් මස වන විට මෙටා සමාගමේ 72,000කට පමණ ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටී බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)