16 January 2025


ජනපති චීන ආයෝජන සැසියට එක්වෙයි



චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ 'Invest in Sri Lanka- Round table meeting 2025' ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ සහභාගී වී තිබෙනවා.

රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම 'ආයෝජන සැසිය' ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයක්.

මෙම සැසියට CNTY- China Tianying Inc), China Harbour Engineering Company Ltd, China Communications Construction Company Ltd, China Petrochemical Corporation -SINOPEC Group, Metallurgical Corporation of China Ltd, CCECC-China Civil Engineering Construction Corporation, China Energy Inte ational Group Company Ltd සහ The Guangzhou Public Transport Group ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් එක්ව සිටියා.

(colombotimes.lk)