14 May 2025


ට්‍රම්ප්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්



සිරියාවට පනවා තිබෙන සියලුම සම්බාධක ඉවත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

ඒ ඔහු විදෙස් සංචාරයක් සඳහා සෞදි අරාබිය වෙත පැමිණි අවස්ථාවේදීයි.

මේ අනුව හිටපු ජනාධිපති බෂාර් අල් - අසාද්ගේ පාලන සමයේදී සිරියාවට එරෙහිව පැනවූ දිගු කාලයක් පුරා පැවති එක්සත් ජනපද සම්බාධක නුදුරේදීම ඉවත් කරන බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)