14 May 2025


හිටපු අමාත්‍ය මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක්



හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලමින්.

එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී විසින් අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)