14 May 2025


ඩෙංගු රෝගීන් ගැන විශේෂ නිවේදනයක්



මෙම වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901දෙනෙක් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ මැයි මාසයේ මේ දක්වා කාලය තුළ දී පමණක් ඩෙංගු රෝගීන් 2,355ක් වාර්තා වී ඇති බවයි.

ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් බවයි වාර්තා වන්නේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ  අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ එය 48%ක ප්‍රතිශතයක් වන බවයි.

(colombotimes.lk)