මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ මෑන්පවර් කම්කරුවන් 250කට ආසන්න පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
වසර ගණනාවක් පුරා සිය වැටුප් ඉහළ නොදැමූ බව චෝදනා කරමින් ඔවුන් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයන් සඳහන් කළා.
(colombotimes.lk)