colombotimes.lk
සිංහල | English

19 May 2024

2007 නඩුවකට මර්වින්ට ඇප



ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට පහර දී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (07) කළ නියෝගයකට අනුවයි.

ඒ අනුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කළා.

එම නඩුවේ තෙවැනි සැකකරු ලෙස නම් කර සිටින හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ලාල් පීරිස් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

(colombotimes.lk)