ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බිලියනපතියෙක් වන ඊලෝන් මස්ක්ට එරෙහිව ඇමරිකාවේ විරෝධතා රැසක් පවත්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ ප්‍රාන්ත 50 ඇතුළුව ස්ථාන 1,200ක ඊයේ (05) එම විරෝධතා සහ පෙළපාලි පැවැත්වූ බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු බදු පැනවීම් ඇතුළු ඔහුගේ න්‍යාය පත්‍ර හේතුවෙන් ඇමරිකාවට සාමාජිය සහ ආර්ථික ගැටලු ඇති වන බවට එම විරෝධතාකරුවන් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම ඇමරිකානු ආර්ථිකය කඩා වැටීමත් ඩොලර් ට්‍රිලියන 06කට ආසන්න ධනයක් විනාශ කිරීමෙන් ඇමරිකානු ජනාධිපතිවරයා මානසික අවපීඩනයකින් පෙළෙන බවත් විරෝධතාකරුවන් සඳහන් කළ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)