බහරේන් රාජ්‍යට පැමිණෙන ශ්‍රී ලංකීක ශ්‍රමිකයන් මොලේ උණ සඳහා ලබාදෙන මෙනින්ගොකොකල් එන්නත ලබාගෙන තිබීම අනිවාර්යය කර තිබෙනවා.
ඒ බහරේනයේ මොලේ උණ තත්ත්වය ව්‍යාප්තවීමේ අවධානම සැලකිල්ලට ගනිමින්.
ශ්‍රී ලංකාවට අමතරව බහරේන් රාජ්‍යයට පැමිණෙන සෙසු රටවල විදේශිකයන්ට එම එන්නත අනිවාර්යය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එන්නත් කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව එම නිවේදනයේ සඳහන්.
මේ අතර පසුගිය වසරේ පමණක් බහරෙන් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 4000කට වැඩිපිරිසක් පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
(colombotimes.lk)