දිවයිනට මේ වන විට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජලයෙන් යටවී ඇති මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අද (25) උසස් පෙළ සඳහා සහභාගී වන සිසුන්ට යුද හමුදා ට්‍රක් රථ මාර්ගයෙන් ප්‍රවාහන පහසුකම් සලසාදී තිබෙනවා.
මාතර කද්දූව, මාලිම්බඩ, නාරංගල, තල්ගහගොඩ මාර්ගවල පහත් බිම් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සඳහා ආපදා කළමණාකරන මධ්‍යස්ථානයද සහයෝගය ලබාදී තිබෙනවා.
(colombotimes.lk)