18 September 2025

logo

ඇමති හරීන්ට මරණ දඬුවම දිය යුතුයි - උදය ගම්මන්පිල



ලංකාව ඉන්දියාවේ කොටසක් බවට හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා ඉන්දියාවේදී කළ කතාව සෘජුවම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය උල්ලංඝණය කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

මෙම ප්‍රකාශය ඇමතිවරයෙකු ලෙස පත්වීම ලබා ගැනීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබා දුන් දිවුරුම උල්ලංඝණය කිරීමක් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

මෙය රාජද්‍රෝහී ක්‍රියාවක් බවත් ඇමතිවරයා සිදු කර ඇත්තේ මරණ දඬුවම ලබා දිය හැකි වරදක් බවත් ඔහු සඳහන් කළා.
(colombotimes.lk)