10වන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී පත්වී තිබෙනවා.
ඒ එම මිත්‍රත්ව සංගමය 10වන පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා එම් අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)